Saturday, November 20, 2021
ජයලාල් රෝහණ
මේ සාකච්ඡාව ඉතාම හොඳ කාලෝචිත සාකච්ඡාවක් වේවි කියලා මම හිතනවා.ජයලාල් රෝහණ කියන නම ඇත්ත වශයෙන්ම වචන දෙකක් විතරයි සහ එක නමක් කියලා සරලව ගත්තොත් හිතන්න පුළුවන්. නමුත් එය ඉතාම බරසාර අර්ථපූර්ණ ඒ වගේම මේ ලෝකයේ සමහර විටෙක අපි නොහිතනා මට්ටමේ සංකීර්ණ අරුත් නාමධාරී පුද්ගලයෙක්. සාමාන්‍ය මනුස්සයෙක් ගත්තහම අපි දකින්නේ සාමාන්‍යයෙන් හිස කඳ බඩ අත පය සහිත අවයව වලින් සමන්විත සාමාන්‍ය පුද්ගල ශරීරයක් සහ සරල වශයෙන් ගත්තාම හිතන්න පුළුවන් හෝ නුපුළුවන් හෝ ඒක අඩු වැඩි වශයෙන් තියන මිනිස් ප්‍රාණයක්. හැබැයි ජයලාල් රෝහණ කියන නමත් එක්ක බැඳිච්ච ශාරීරික මානසික ස්වරූපය ගත්තහම හිතෙනවා ඒක ලෝකයක් කියල. එච්චර ලෝකය පිළිබඳ සමාජය පිළිබඳ තමන් උපන් බිම් පිළිබඳව එහෙමත් නැත්තං තමන් අතපත ගාන ස්පර්ශ කරන ඒ අධ්‍යාපනික වටපිටාව පිළිබඳව ඉතාම පුළුල් දැනුමක් සහිත සබුද්ධික පුද්ගලයෙක් තමයි ජයලාල් රෝහණ. මේක මම කියන්නේ ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම සිදු වෙච්ච ඒ සිද්ධි දාමය බොහොම ගැඹුරු විශ්ලේෂණයකට පත්කරලා කිව්වොත් නිවැරදියි. මොකද 1964 නොවැම්බර් පළවෙනිදා ලංකාවේ කෝට්ටේ තමයි ජයලාල් රෝහණ ඉපදෙන්නෙ. එතකොට අපට හිතෙනවා ඔහු ගැමියෙක් නෙමෙයි කියලා. ඇත්ත වශයෙන්ම ගැමියෙක් නෙවෙයි. ඔහු ඉගෙන ගත්තේ ආනන්ද ශාස්ත්‍රාලයේ. එතකොට ඉතාමත් තදබල විදියෙ නාගරිකත්වය ආරෝපණය වෙච්ච මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ ඔහු. නමුත් ඔහුගේ මුළු ජීවිත කාලය ම මේ රටේ හතර දිග්භාගයේ අස්සක් මුල්ලක් නෑර නොගිය තැනක් නෑ. ගම් වලට ගිහින් ගවේෂණය කරලා හොයල දැන කියාගත්ත හරිහම්බ කරගත්ත දැනුම් සම්භාරය රටට දීපු ඉතාම උසස් ගණයේ චරිතයක් කියන හැඟීම තමයි මගේ ගාව තියෙන්නේ.
Subscribe to:
Post Comments (Atom)
ජයලාල් රෝහණ
මේ සාකච්ඡාව ඉතාම හොඳ කාලෝචිත සාකච්ඡාවක් වේවි කියලා මම හිතනවා. ජයලාල් රෝහණ කියන නම ඇත්ත වශයෙන්ම වචන දෙකක් විතරයි සහ එක නමක් කියලා සරලව ගත්ත...
-
මේ සාකච්ඡාව ඉතාම හොඳ කාලෝචිත සාකච්ඡාවක් වේවි කියලා මම හිතනවා. ජයලාල් රෝහණ කියන නම ඇත්ත වශයෙන්ම වචන දෙකක් විතරයි සහ එක නමක් කියලා සරලව ගත්ත...
No comments:
Post a Comment